April 24, 2025
1 min read

චටිස්ගාර් මාඕවාදී ප‍්‍රහාරය: 70% ක් කාන්තාවන්

අපේ‍්‍රල් 24 (2017 අපේ‍්‍රල් 24) චටිස්ගාර්හි දකුණු බස්තාර් දිස්ත‍්‍රික්කයේ කලපතාර් ප‍්‍රදේශයේදී මාඕවාදීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසු තුවාල ලැබූ සී.ආර්.පී.එෆ් සොල්දාදුවෙකු පැවසූවේ ප‍්‍රහාරයට පැමිණි මාඕවාදීන්ගෙන් 70% පමණ කාන්තාවන් බවයි.

සිය නම හෙළි කිරීමට අකමැති වූ සොල්දාදුවෙක් පැවසුවේ ඒ.කේ 47 වර්ගයේ අවි වලින් සන්නද්ධ වූ මාඕවාදී ගරිල්ලන්ගේ බහුතරය කාන්තාවන් බවයි.

තවත් සොල්දාදුවෙකු පැවසූවේ මරා දැමීමෙන් අනතුරුව ගරිල්ලා කාන්තාවෝ ආයුධ පැහැරගෙන පලා ගිය බවයි.

චටිස්ගාර්හි දකුණු බස්තාර් දිස්ත‍්‍රික්කයේ කලපතාර් ප‍්‍රදේශයේ මාඕවාදීන් සමග පසුගිය අපේ‍්‍රල් 24 (2017 අපේ‍්‍රල් 24) වෙනි දින සිදු වූ බිහිසුණු වෙඩි හුවමාරුව අතරතුරදී අවම වශයෙන් සී.ආර්.පී.එෆ් (මධ්‍යම සංචිත පොලිස් බලඇණියේ) ජවාන් සොල්දාදුවන් 26 දෙනෙකු මරණයට පත් විය.

එම සිදුවීම එදින පස්වරු 12.25 ට පමණ සිදුවූයේ, 74 වෙනි බැටෑලියනයට අයත් සී.ආර්.පී.එෆ් සොල්දාදුවන් විසින් මාර්ග ඉදිකිරීමේ කටයුතු වලට ආරක්ෂාව සපයමින් සිටි අතරතුරදීයි.

Translation: https://liberationbase.wordpress.com/2017/04/27/chhattisgarh-maoists-attack-70-attackers-were-women/